බිංගිරිය දේවගිරි රජමහා විහාරය
බිංගිරිය දේවගිරි රජමහා විහාරය පිහිටි පලාත අතිතයේ දක්ෂිණ දේශය ලෙසින් හදුන්වා ඇතැයි පැහැදිලිය. සත් කෝරලයට අයත්, වර්තමාන ව්‍යවහාරයට අනුව වයඹ පළාතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කටුගම්පල හත්පත්තුවේ කිණියම කෝරලයේ (පැරණි යගම්පත්තු කෝරලේ) බිංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිංගිරිය ග‍්‍රාම සේවා වසම තුළ අක්කර දහසක පමණ වපසරියක් තුළ පිහිටා ඇත.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මුඩු බිම් පනත යනුවෙන් හදුන්වාදෙනු ලැබු පනතින් අනතුරුව බොහෝ වෙහෙර විහාරවලට මෙන්ම බිංගිරිය රාජමහා විහාරයටද පූජා කර තිබු විශාල විහාරගම්, පරවේණි රාජකාරි මුත්තෙට්ටු ආදී ගම්වර වු ගැටුලාව, විලත්තව, ඌරාපොත්ත, බිංගිරිය, තිඹිරිවැව ගම්වර අතුරින් අවසාන ගම් පිඹුරු අංක (F.V.P.) 1445 යටතෙහිය. බී.ඒ. පයරස් නම් මිනින්දෝරු තැන විසින් මැන වෙන් කරන ලද අංක 91160 දරණ පිඹුුරු පතින් 1873 ජුනි 18 වන දින මෙම විහාර භුමිය නිශ්චය කර ඇත.
මෙම පිඹුරු පතෙහි ඒ වන විට තිබු බෙදීම අනුව දෙව්මැදි හත්පත්තුවේ යගම්පත්තු කෝරළේ ලෙසින් සටහන් වී ඇත.
මෙහි එම යුගයේ මිනුම් කටයුතු කරන ලද වෙනත් පිඹුරුපත්වල කොළමුණු ඔය සහ දැදුරු ඔයෙහි මායිමට සම්බන්ධ ව රක්ෂිත භුමියන් ඔයට වෙන් කර ඇත.
මෙහි විශේෂයෙන් රක්ෂිතයක් ලකුණු කොට නැත.
එම රක්ෂිත භුමියන් අදාළ ඔයවල්වල මධ්‍ය දක්වාමත් විහාරයේ රක්ෂණයට යටත්ව ඇති බව පැහැදිිලිය.
උතුරු දිශාවටත්, ඊසාන දිශාවටත් කොළමුණු ඔයද වයඹ දිශාවෙන් දැදුරු ඔයද මායිම් වන මෙම විහාර භුමියට ගිණිකොන දිසාවෙන් ගොඩවෙල නැමති ගමේ රත්න ප‍්‍රදේශය ද (වර්තමානයේ L.D.O. කුඹුරු) නිරිත හා බටහිර දෙසින් විලත්තව ගම් මායිම් ද වේ. වර්තමානයේ ගොඩැල්ලයාය වේ.
දකුණු දිශාවෙන් 1 වන අග්බෝ රජ්ජුරුවන් බදවන ලද මහ වැවෙහි බැම්මද එයට සම්බන්ධව ඇති බිංගිරි ඇළ මායිමද, (වර්තමානයේ කරවිට වැවට ජලය සපයන යෝධ ඇළ) කෙළවර වන බිම් ප‍්‍රාදේශය එම පිඹුරු පතෙන් නිරූපනය කර තිබේ.
මුඛවාසී පත‍්‍රවල සදහන් වන ආකාරයට පළමු අග්බෝ රජතුමා විසින් ඉහළ පට්ටායාවල පහළ පට්ටියාවල දෙසීටටි අමුණු අස්වද්දවා එයට ජලය පිණිස වැවක් බන්දවා දාගැබට පුදන ලද බව සදහන් වේ.
ඒ අනුවත් ප‍්‍රධාන මුලාශ‍්‍රය දෙකට මැදිව කුඩා ජල අගාරයන් හා තවත් වැව් පොකුණුවලින් යුතු මෙම ප‍්‍රදේශය කෘෂිකර්මයෙන් සමෘද්ධිමත් භුමි භාගයක් ලෙස භුමියේ පිහිටි සාධක අනුව පැහැදිවේ.
බිංගිරියේ සිට සැතපුම් 11 පමණ බටහිර දෙසට ඇති හලාවත මුහුදු සීමාවෙන් කෙළවර වන රට අභ්‍යන්තරයෙහි ඇති තැනිතලාවෙහි උස් වු බිම් කඩවල් කිහිපය අතර විහාරය පිහිටි ප‍්‍රදේශයේ අසන්නයෙන් තිබු වු තැනිතලා (වැලිමංගොඩැල්ල) ප‍්‍රධාන තැනක් ගනී.
මෙම භුමිය ආශි‍්‍රතව පුරාතනයේ අනුරාධපුර රාජධානියට සහ රට අභ්‍යන්තරයට ගොඩබිම් මාර්ගයක් වැටී තිබු බවට නිශ්චිත වු භුමි ගත සාධක නොතිබුණත් ස්ථීර වශයෙන් ම මෙම ප‍්‍රදේශය ආසන්නයේ තිබු බවට සැකයක් නැත.
