අතීතයේ ජංගම වෙළද කණ්ඩායම් ස්වකීය ආරක්ෂාවටත්, ධාර්මකත්වයටත්, පින් සිදු කර ගැනීම සදහාත් දෙවියනගේ බැල්ම පිණිස ආරක්ෂාව ආදිය ලබා ගැනීමේ හේතු මත ස්වකීය උරුමයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඊට සුදුසු ගෞරවයකින් රැගෙන යාමේ සිිරිතක් තිබී ඇත.
මෙම ප‍්‍රදේශය හරහා රට අභ්‍යන්තර ජනපද වෙත වැටී තිබු මහා මාර්ගයට අයත් නැවතුම් පොළෙහි තමා සතු පූජා භාණ්ඩ සහිත ධාතුන් වහන්සේලා රත්න වැලිමංගොඩැල්ල නම් භුමියෙහි කිරිහඬු රුක් සෙවනක ගෞරව සම්ප‍්‍රයුක්ත තබා පුද පූජා ආදිය පවත්වා ඇත.
දින කීපයකින් පසුව ප‍්‍රදේශ තුළ වෙළද කටයුතු වලින් අනතුරුව වෙළෙඳ කණ්ඩායම් වානිජ චාරිකාවෙන් පිටත් වීම සදහා සුදානම් ව පූජා භාණ්ඩ තැම්පත් කර තිබු කිරිහඬු රුක දෙස බැලීමේදී ධාතු සහි පූජා භාණ්ඩත් රුකත් බිම ගිලී අතුකීපයක් රිදි ගසක් නේ බබලන බවත් දක්නට ලැබී ඇත.
මෙම ලොමුඩැහැ ගැන්වෙන ආශ්චර්ය ජනක සිද්ධියන් අතීශය විශ්මයට පත් ඔවුහු පළාතේ යුවරජතුමා ලෙස කටයුතු කළ දේවානම් පියතිස්ස මහරජතුමාගේ (කි‍්‍ර.පූ. 247-207) සහෝදරයෙකු වු මහානාග යුවරජට දැන්වීමෙන් පසු එතුමාගේ නියමය මත දේවානම්පියතිස්ස මහරජතුමාට දන්වන්ට ඇත. බුද්ධාලම්බන පි‍්‍රතියෙන් ප‍්‍රමෝදයට පත් රජතුමා කරුණු පරීක්ෂා කර බලා එම ධාතු සහිත වස්තු බිම ගිලූන ස්ථානය වට කොට විශාල චෛත්‍යයක් කරවීය.
පසුව බුදු මැදුරු හා සංඝාවාස ආදිය කරවා එහි නේවාසසික භික්ෂුන්ගේ සහ චෛත්‍යයේ නඩත්තුව සදහා විශාල කෙත්වත් සහිත වු සංවිධාන පාලන ක‍්‍රමයක් සහිතව මහා සංඝයාට පූජා කළේය.
පූජා භාණ්ඩ බිම ගිලි ගිය මෙම පූජනීය භුමිය මුල් කරගෙන මෙම ප‍්‍රදේශය (බිම්ගිලිය) ලෙස ව්‍යවහාරයට පත් විය. බිම්ගිලිය සුඛෝච්චාරණය හේතුවෙන් බිංගිරිය යන්න භාවිතයට පත්ව ඇත.
මෙම විහාර සංකීර්ණය දෙවනපෑතිස් රජතුමා විසින් වැලිසංගොඩැල්ල නම් උස් භුමිය මුදුනෙහි (ගිරියෙහි) සෑද වු හෙයින් දේවගිරි විහාරය නමින් ව්‍යවහාරයට පත්ව ඇත. තවත් ප‍්‍රවාදයට අනුව දෙවියන්ගේ බලයෙන් ගිලුනු කඳු ශිඛරයක් හෙයින දේව බලයක් ඇතැයි ද සලකා දේවගිරි යන නමින් හැදින්වු බව කියවේ.
මෙසේ ආරම්භ වී රාජරාජ මහාමාත්‍යාදීන්ගේත්, වෙනත් ප‍්‍රදේශාධිපති ප‍්‍රභුවරුන්ගේත්, විවිධාකාර වු සම්භාවනාවන්ට සහ සංවර්ධනයන්ට මෙම විහාරය පාත‍්‍රවී ඇත.
මෙම විහාරය පළමු අග්බෝ රජුගේ (කි‍්‍ර.ව 563 -597) යුගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බවමහාවංශය සදහන් කරයි.
කත්වා ගිරි විහහාරංච - සංඝිකං තස්ස දාපයී ඛෙත්තානං ද්විසතං සංඝ - භෝගත්ථාව මහාමතී
පළමු අග්බෝ මහ රජතුමාගෙන් පසුව මෙම විහාරස්ථානයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබී ඇත්තේ වීරබාහු රජතුමාගේ පුත් පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව 1153-1186) කාලයේ දීය.
අග්බෝ මහරජතුමාගෙන් පසුව වසර 500 කට පමණ පසු යුගය වන විට එතුමාගේ සංවර්ධන කටයුතු වලින් ලැබූ සමෘද්ධිමත් භාවය නිසාම විහාරයේ කීර්තිරාවය ප‍්‍රදේශය පුරාම විහිදි පැතිරි ගිය බවට සැකයක් නොමැත.
ඊට පසුව දඹදෙනියේ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ (කි‍්‍ර.ව 1236-1269) කාලයේ දී චන්ද්‍රභානු නම් ජාවත රජුගේ ආක‍්‍රමණය ද ( කි‍්‍ර.ව 1269-12ට්) දඹදෙනියේ හතරවන විජයබා රජු සමයේ සිදු වු මිත‍්‍ර සෙනවියාගේ ආක‍්‍රමණය ද ඔහුට විරුද්ධව සිදු වු ප‍්‍රතිප‍්‍රහාරද, පළමුවැනි බුවනෙකබාහු (කි‍්‍ර.ව 12ට්-1282) යුගයේ සිදු වු පාණ්ඩ්‍ය දේශයේ කුලසේකර රජතුමාගේ අමාත්‍ය ආර්ය චක‍්‍රවර්තීගේ ආක‍්‍රමණයද, ගම්පොළ හතරවන බුවනෙකබාමු (කි‍්‍ර.ව 1346-1353) රාජ යුගය වන විය උතුරින් මාතලය දක්වාත්, මුහුදුකරයෙන් පානදුර දක්වාත් පැතිර තිබු ද්‍රවිඩ බල පරාක‍්‍රමයේ පීඩනය ද ඒ නිසාම සත් කෝරල ප‍්‍රදේශයේ තිබු අස්ථාවර රාජ්‍ය පාලන විධියද ඒ නිදා මෙම විහාරයේ දීප්තිමත් යුගය ක‍්‍රමයෙන් අගාධයට තල්ලූ වී ඇත.
එම ද්‍රවිඩ බලය මැඩපවත්වා යලිත් මුළු ලංකාවම එක්සේසත් තළ කොට්යේ හයවන පරාක‍්‍රමබාහු රාජ්‍ය යුගයේ (කි‍්‍ර.ව 1415 -1468) ප‍්‍රදේශයේ නිදහස් සහ සමෘද්ධිමත් කාලයක ආරම්භයක් ඇති වුයේ ජයපාල අගමැතිවරයාගේ ද සම්බන්ධයක් මේ ප‍්‍රදේශයට ඇති වු නිසාය.
විජයබා කොල්ලයෙන් පසු (කි‍්‍ර.ව 1521) යාපනයේ තහවුරු වි සිටි පරරාජසේකරම් ද්‍රවිඩ රජුට අයත් සේනාව විසින් මේ ප‍්‍රදේශයට විශාල ව්‍යවසනයක් සිදු කර ඇත.
කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ දවස (කි‍්‍ර.ව 1748-1882) මෙම විහාරය වැලිවිට ශී‍්‍ර සරණංකර සංඝරාජ හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන කටයුතු වල පුනර්ජීවන මධ්‍යස්ථානයක් වී ඇත.
එතුමාගේ අනුග‍්‍රහයෙන් සංඝරාජ හිමියන්ගේ ද මග පෙන්වීම යටතේ බිංගිරිය විහාරය සත්කෝරළ මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක ගිනිගත්පිටියේ සංඝරක්ඛිත තෙරුන් වහන්සේගේ යටතට පත් කර ඇත.
මෙම විහාරයේ කටයුතු සදහා එම නායක හිමියන්ගේ මිනෑවේ සුමන හිමියන් යටතට පත්ව ඇත.
එම යුගයේ දී ඓතිහාසික ස්මාරකයක් මෙන්ම පූජනීය ප‍්‍රතිමාඝරයද වන ටැම්පිට විහාර මාලිගාව ද ඉදිකර ඇත.
ඊට පසු නැවත මෙ විහාරයේ වැඩ විසූ 1922 නොවැම්බර් මස 06 වන දින අපවත් වී වදාළ මල`ගනේ අත්ථදස්සී බිංගිරිය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන් මුරුකන්ඩියේ ශි‍්‍ර බ‍්‍රාහ්මණ ආරච්චි මුදියන්සේලාගේ ලේකම් මහතා ප‍්‍රමුඛ දායක දායිකාවන් වෛත්‍ය ප‍්‍රතිසංස්කරණය කරවා කොත් පැළදවීමක් සිදු කර ඇත.
1959 වන විට මෙම චෛත්‍ය රාජයා වටේ නැවතත් නුග, බෝ, ඇහැටු ආදි ගස් වැවී විනාශ වීමේ තර්ජනයක් දුටු මලඟනේ සරණංකර බිංගිරි විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලිකත්වයෙන් හා මෙහෙය වීමේන් චෛත්‍ය නැවත ප‍්‍රතිසංස්කණය කරවීය.
වර්තමානය වන විට අපවත් වී වදාළ මලඟනේ සරණංකර හිමියන්ගේ ප‍්‍රධාන ශිෂ්‍යවරයා මෙන්ම ඥාතිවරයෙකු ද වන මලඟනේ අත්ථදස්සී නාහිමි විහාරයේ විහාරාධිපතීත්වයේ කටයුතු කරයි.