ආර්ථික අපහසුතා ඇති පවුල් 75 කට Lift Life Foundation හි පූර්ණ දායකත්වයෙන් වියළි සලාක බෙදා දීමේ පිංකම

  1. මුල් පිටුව
  2. නිවේදන

ආර්ථික අපහසුතා ඇති පවුල් 75 කට Lift Life Foundation හි පූර්ණ දායකත්වයෙන් වියළි සලාක බෙදා දීමේ පිංකම

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලීස් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති Lift Life Foundation පුන්‍යායතනය හා එහි අධ්‍යක්ෂක ව්‍යාපාරික විදුර ජයවර්ධන Vidura Jay මහතාගේ මූල්‍ය දායකත්වයෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත ස්වාමීන්වහන්සේගේ හා විහාරවාසී ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මූල්‍ය අපහසුතා සහිත පවුල් 75 කට වියළි සලාක බෙදාදීමේ පිංකමක් අද දින බිංගිරිය දේවගිරි රාජමහා විහාරය පරිශ්‍රරයේදී පැවැත්වූ වග මෙත්සිත් පෙරදැරිව දැනුම් දෙමු. මේ වගට, බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මාධ්‍ය ඒකකය.