නටඹුන්

  1. මුල් පිටුව
  2. වෙනත්
  3. නටඹුන්

දේවානම්පියතිස්ස රජුගේ අනුග‍්‍රහයෙන් දේවගිරි විහාරය කරවීමෙන් අනතුරුව මෙම විහාරස්ථානය පළමු අග්බෝ රජුගේ ( කි‍්‍ර.ව 563-597 ) යුගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව මහා වංශයේ ස`දහන් කරයි.

විහාරස්ථානයට අයත් මුඛවාසී පත‍්‍රයක සදහන් ආකාරයට කොළමුණු ඔය දැදුරු ඔයට වැටෙන ස්ථානය සමීපයෙහි වු කැලෑබද දාගැබද, සංඝාරාමයක් හා නටඹුන් වු විහාරයද ප‍්‍රතිසංස්කරණය කර මෙසේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.

  • බිම ගිලි තිබු වෙහෙර පාදා ඒ මත උස තිස්පන් රියන් දාගැබ
  • දාගැබට බටහිර දිශාවෙන් දෙමහල් ප‍්‍රසාදයක්
  • එම දිශාවෙහි මහ ටැම්වලින් යුතු තිස් රියන් උස පොහොය ගෙයක්
  • එම පොහොය ගෙට දකුණින් ගලින් නිමු වු බුදු පිළිම තුනක් හා දොළොස් රියන් ඔත් පිළිමයක් සහිත හතලිස් එක් රියන් මහ පිළිමගෙය
  • එම විහාරයට නැගෙනහිර දිශාවෙන් තුන් බුදු රුවක් සහිත සම හතරැස් විහාර ගෙයක්
  • එම දිසාවෙහිම සත් බුදුරුවක් සහිත අට පට්ටම් ගෙයක්
  • එම දිසාවෙහිම මහ බෝධිය
  • බෝධිය සමීපයෙහි වටදා ගෙයක්
  • දිගින් දෙසිය පස් රියන් සහ පළලින් එකසිය හැත්තෑපස් රියන් වට පවුර
  • භස්නාහිරින වාහල්කඩින් පිට මහ උද්‍යානයක්
  • නැගෙනහිර වාහල්කඩට සමීපව තැනක සංඝාරාමයක්
  • දකුණු වාහල්කඩට නොදුරු නො ළං වු තැන මහ වැවක්
  • ඒ අතර සංඝාරාමයක්
  • මහ පොකුණු දොළහක්
  • උතුරු දිග වාහල්කඩින් පිටත මල් සහිත උයනක්

පැරණි ලාංකේය විහාරස්ථානවල හඳුනාගත හැකි පංචාවාස ගොඩනැගිලි වලින් යුක්ත විහාරයක් ලෙස අතීතයේ සිටම මෙම විහාරය පවතින්නට ඇත.

  1. සීමා මාලකය - භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම ආදිය සිදු කිරීමට සම්මත සීමා සහිත ගොඩනැගිල්ල
  2. දාගැබ - බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් කර ඇති චෛත්‍යය
  3. බෝධිය - බුදුරජාණන් වහන්සේ විසින් පරිහරණය කරන ලද එකම ජීවමාන පුජ්‍ය වස්තුව
  4. ප‍්‍රතිමාඝරය - බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රති පිළිම වහන්සේලා වඩා හිඳුවා ඇති ගොඩනැගිලි භික්ෂුන්ගේ වාසිය සදහාත් ශාස්ත‍්‍රීය අධ්‍යයන කටයුතු සඳහාත් යොදා ගනු ලබන ගොඩනැගිලි සංකීර්ණය.

භූමීය මතුපිට ඇති ගොඩනැගිලි අවශේෂ පරීක්ෂා කිරීමේදී පිරිවෙන සහිත සංඝාරාමයෙහි නටඹුන් හා විශාල ප‍්‍රතිමාඝරයෙහි නටඹුන් හැරුණු විට අනික් ගොඩනැගිලිවල නටඹුන් යැයි සිතිය හැකි පාදම සහ අවශේෂ හඳුනාගත හැක.

විහාර මළුව වට කොට ඇති මහා ප‍්‍රාකාර බැම්ම සහ එහි ඇති මහා ප‍්‍රකාර බැම්ම සහ එහි ඇති සතර වාහල්කඩත් සංරක්ෂණය කර ඇති පොහොය ගෙයත් මෙම විහාරයේ පැරණි ශ‍්‍රී විභූතිය විදහා දැක්වෙන කදිම පැතිකඩකි.

විශාල ගල් කුළුණු වලින් නිර්මිත වාහල්කඩ දෙස බැලීමෙන් පමණක්ම එය පැහැදිලිය.

උතුරු දකුණු සහ නැගෙනහිර වාහල් කඩ දැඩි ලෙස අලාභ හානී වී ඇති අතර එම වාහල්කඩයෙහි ඉදිකිරීම් පැහැදිලි ලෙස හඳුනාගත නොහැකිය.

එහෙත් බටහිර වාහල්කඩ හොඳින් හඳුනාගත හැකි පරිදි ඉතිරිව තිබේ.

එහි සම්පූර්ණ පාදමින් විශාල ගල් කණු කිහිපයකුත් ඉතිරිව තිබෙන අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඒ බව තහවුරු කර ඇත.

ඩොල් සහ කළුගල් කුළුණු වලින් නිර්මිත ගෙය දෙමහලකින් ඊට වැඩියෙන් හෝ යුක්ත වු බව නටඹුන් වලින් පැහැදිලිය.

ගොඩනැගිලි නටඹුන්වලට අමතරව විහාරයේ ඓතිහාසිකත්වය පෙන්වන පුරාවිද්‍යාත්මක සාධක ලෙස කැඞී බිදී ගිය කළුගල් හිටි බුද්ධ ප‍්‍රතිමාවක සහ ඔත් ප‍්‍රතිමාවක කවන්ධ දෙකක් ද තවත් කුඩා පිළිමවල කාවන්ධයන් හා කුඩා ප‍්‍රතිමා හිසක් උළු කැබැලි සහ ගඩොල් ආදියත් විශාල ප‍්‍රමාණයේ මටසිලිටු සහ රළු පෙනුම් ඇති පට්ටම් සහ හතරැස් ගල් කණු ආදිය ද රළු පෙනුමට කොරවක් ගල් ද ඇත.

ගල් හිටි බුද්ධ ප‍්‍රතිමාවෙහි කවන්ධවල දෘශ්‍යමාන සාදක නිරීක්ෂණය කිරීමේදී චීවරයේ රැලි ලංකාවේ පුර්ව කාලීන ප‍්‍රතිමාවල චීවර ශෛලියට සමානකම් දක්වන බව පෙනේ.

අනුරාධපුර යුගයේ ප‍්‍රසිද්ධ ප‍්‍රතිමාවල මෙන්ම මෙහිද දැකිය හැක්කේ ඒකාංශ පාරූපණයකි. මෙම පුරා වස්තු පිළිබද විධිමත් පරීක්ෂණ කිසිවක් සිදුවී අවසන් නොමැති බැවින් මේවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳව විද්‍යාත්මක තක්සේරැවක් නොමැත. නමුත් මේ වන විට භූමීය තුළ පුරාවිද්‍යාත්මක සංරක්ෂණයන් සිදු වෙමින් පවතී.

ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images
ruins-images