දාගැබ

  1. මුල් පිටුව
  2. විහාරය ගැන
  3. දාගැබ

විහාරයේ දාගැබ


අතීතයේ ජංගම වෙළද කණ්ඩායම් ස්වකීය ආරක්ෂාවටත්, ධාර්මකත්වයටත්, පින් සිදු කර ගැනීම සදහාත් දෙවියනගේ බැල්ම පිණිස ආරක්ෂාව ආදිය ලබා ගැනීමේ හේතු මත ස්වකීය උරුමයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඊට සුදුසු ගෞරවයකින් රැගෙන යාමේ සිිරිතක් තිබී ඇත.

මෙම ප‍්‍රදේශය හරහා රට අභ්‍යන්තර ජනපද වෙත වැටී තිබු මහා මාර්ගයට අයත් නැවතුම් පොළෙහි තමා සතු පූජා භාණ්ඩ සහිත ධාතුන් වහන්සේලා රත්න වැලිමංගොඩැල්ල නම් භුමියෙහි කිරිහඬු රුක් සෙවනක ගෞරව සම්ප‍්‍රයුක්ත තබා පුද පූජා ආදිය පවත්වා ඇත.

දින කීපයකින් පසුව ප‍්‍රදේශ තුළ වෙළද කටයුතු වලින් අනතුරුව වෙළෙඳ කණ්ඩායම් වානිජ චාරිකාවෙන් පිටත් වීම සදහා සුදානම් ව පූජා භාණ්ඩ තැම්පත් කර තිබු කිරිහඬු රුක දෙස බැලීමේදී ධාතු සහි පූජා භාණ්ඩත් රුකත් බිම ගිලී අතුකීපයක් රිදි ගසක් නේ බබලන බවත් දක්නට ලැබී ඇත.

මෙම ලොමුඩැහැ ගැන්වෙන ආශ්චර්ය ජනක සිද්ධියන් අතීශය විශ්මයට පත් ඔවුහු පළාතේ යුවරජතුමා ලෙස කටයුතු කළ දේවානම් පියතිස්ස මහරජුමාගේ (කි‍්‍ර.පූ. 247-207) සහෝදරයෙකු වු මහානාග යුවරජට දැන්වීමෙන් පසු එතුමාගේ නියමය මත දේවානම්පියතිස්ස මහරජතුමාට දන්වන්ට ඇත. බුද්ධාලම්බන පි‍්‍රතියෙන් ප‍්‍රමෝදයට පත් රජතුමා කරුණු පරීක්ෂා කර බලා එම ධාතු සහිත වස්තු බිම ගිලූන ස්ථානය වට කොට විශාල චෛත්‍යයක් කරවීය.